අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Tuesday, July 2, 2013

දකුණු කොරියාවේ ජනාධිපති වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක්




පුද්ගලයන් 100,000 පමණ පෞද්ගලික තොරතුරු සොරාගනිමින් දකුණු කොරියාවේ ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.ජනපති කාර්යාලය පවසන පරිදි පසුගිය ඉරිදා මෙම දත්ත සොරාගැනීම තහවුරුකරගත් බව නිවේදනය කර ඇත. ඔවුන් පවසන ආකාරයට සොරාගත් දත්ත අතර උපන්දින,ජාතික හැදුනුම් පත් අංක,පුද්ගලික ලිපිනයන්,දුරකථන අංක වැනි පෞද්ගලික තොරතුරු රාශියක් සොරාගෙන ඇත.මෑත කාලයේ සිදුවූ දරුණුතම හා විශාලතම දත්ත සොරා ගැනීම් වලින් එකක් ලෙස මෙය සදහන් කිරීමට හැක.
මෙම තොරතුරු අස්තාන ගත වීම සම්බන්ධව ජනපති කාර්යලය සමාව ඉල්ලා සිටින අතර වෙබ් අඩවියෙහි ලියාපදිංචි පුද්ගලයන්ගෙන් හරි අඩක් පමණ ඉලක්ක වී ඇත.


No comments:

Post a Comment