අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Security Hint(සිකියුරිටි හින්ට්)



--------------------------------------------------------------------
බැලූ බැල්මට නියම වෙබ් සයිට් එක වගේ පෙනුනත් නියම එක නොවන fake interface දැකල ඇති.මෙවා යොදා ගන්නේ නියම වෙබ් සයිට් එකේ users ලව රවටා fake සයිට් එකට ගෙන්වාගෙන ඔවුන්ගේ රහස් තොරතුරු සොරාගැනීමට.මේ fake ලින්ක් එක email මාර්ගයෙන් හෝ නැත්තන් වෙනත් ක්‍රමයකින් එන්ඩ පුලුවන්.
කවුරුහරි කෙනෙක් real සයිට් එක කියල fake සයිට් එකට log වුනොත් ඔහුගේ username හා password fake සයිට් එක හදපු කෙනාට ලැබෙනව.මේ ක්‍රමය users ල හැක් කරන තවත් ක්‍රමයක් මේකට කියන්නේ phishing කියල

කාටහරි සැකයි නම් තමන් ඉන්න සයිට් එක real එක නෙමේ කියල, කිසිසේත් log වීම හෝ පෞද්ගලික තොරතුරු ඇතුලු කිරීම නොකල යුතුයි.
මීළගට කල යුතු දේ තමයි වහාම URL එක check කරන එක , real සයිට් එකේ නමට වඩා URL එකේ නම අකුරකින් හරි වෙනස් නම් ඔබ phishing ප්‍රහාරයකට ලක්වෙන්ඩයි යන්නේ..

උදාහරණයක් විදියට www.gmail.com
www.gmeil.com
www.gmail.company.com

හොදම දේ තමයි සයිට් එකකට යනකොට නිතරම URL එක බලලා domain name එක check කරල සයිට් එකට log වෙන එක.phishing වලක්වන්න පුලුවන් හොදම ක්‍රමය තමා මේක.

No comments:

Post a Comment