අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Monday, July 22, 2013

ෆේස්බුක් ස්පෑම් 3- "Emma Watson Star of Harry Potter made a sex Tape"

     ආසන්න මාස දෙකක විතර ඉදන් ෆේස් බුක් ස්පෑම් සැහෙන ප්‍රමාණයක් ලංකාවේ පැතිරිලා ගියා. අද මම කියන්න යන්නෙත්  මේ දවස් වල ඉතා වේගයෙන් පැතිරිලා යන ෆේස් බුක් ස්පෑම් එකක් ගැන තමා . මේක ටිකක් විතර ඇග හිරිවැටිල යන ස්පෑම් එකක් කීවොත් නිවැරදියි. මොකද කියනවනන් මේ ස්පෑම් එක පෝස්ට් කරන photo එක ප්‍රසිද්ධියේ පළකරන්ඩ බැරි අසභ්‍ය එකක් .හිතා ගන්ඩ පුලුවන්ද එහෙම එකක් ඔයාලගෙ ෆේස්බුක් වෝල් එකේ පෝස්ට් වුනොත් වෙන දේ. 

        මේ ස්පෑම් එකේ Title එක වෙන්නේ "Emma Watson Star of Harry Potter made a sex Tape" .බැලූ බැල්මටම දැක්ක ගමන් මොකක්ද මේ කියල බලන්ඩ හිතෙන පෝස්ට් එකක් .ඒක හින්ද වෙන්ඩ ඇති ගොඩක් අය මේක බලන්ඩ ගිහින් අමාරුවේ වැටෙන්නෙ. මගෙ public wall එකෙත් කීපදෙනෙක්ම මේක පෝස්ට් කරල තිබ්බ.ඇත්තම කීවොත් පෝස්ට් කරල නෙමේ පෝස්ට් වෙලා. මේ ස්පෑම් එකත් වැඩ කරන්නේ කලින් මම සදහන් කරපු ස්පෑම් වැඩකරන විදියටම කීවොත් නිවැරදියි .Age verification එකක් කරන්න කියල රවට්ටන එක තමයි කරන්නේ .

     සම්පූර්ණ process එක පැහැදිලි කිරීමක් පස්සේ කරන්නන්. ඔයාල ෆේස්බුක් එකේ ඉන්නකොට මේ වගේ එකක් දැක්කොත් එක දිහා බලලා විතරක් සෑහීමකට පත්වෙනඩ කියල කියන්ඩ තමයි තියෙන්නෙ. වැඩි වැඩ කරන්න ගියොත් අමාරුවෙ තමා.
මේ තියෙන්නේ ඒ ස්පෑම් එක--









No comments:

Post a Comment