අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Tuesday, July 30, 2013

ෆේස්බුක් ස්පෑම් 4- අසභ්‍ය වීඩියෝ ක්ලිප්

                                  මම කලින් පෝස්ට් වලින් ෆේස්බුක් ස්පෑම් කිහිපයක් හා ඒ වායේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරා මතක ඇති .මම අද කියන්න යන්නෙත් කලින් වගේම ස්පෑම් එකක් ගැනයි.නමුත් පසුගිය කාලයේ ඉතා වේගයෙන් පැතිරිලා ගිය මේ ස්පෑම් සියල්ලම ගැන බැලුවාම මේ සේරම භාවිතා කරන්නේ එකම තාක්ෂණය ෆේස්බුක් usersලව නොමග යවන්න .මම අද කියන්න යන ස්පෑම් එකත් කලින් ඒවා වගේම ඒ විදියටම ක්‍රියා කරන එකක් තමයි.නමුත් පොඩි වෙනසක් තියනව,කලින් ස්පෑම් වල තිබුන එක ස්ථිර මාතෘකාවක් users ලව රවට්ටන්න මේ වගේ ("emma Watson Star of Harry Potter made a sex Tape" ,"Adriana Lima FuckTape!","She went inclusively nuts and lost all control of the razor-sharp axe"). නමුත් මම දැන් කියන්න යන ස්පෑම් එකට එහෙම ස්ථිර නමක් නෑ මේකෙ නම dynamically වෙනස් වෙනව. ඒ කියන්නේ මේ  ස්පෑම් එක හදුන ගන්න බෑ හරියටම .






බැලූ බැල්මට මේ post වල සමාන කමක් පේන්නෙ නෑ ,ඒත් මේ සේරම එකම ස්පෑම් එකක්. මේ හේතුව හින්ද තාක්ෂණික දැනුම අඩු අයට මේ ස්පෑම් අදුන ගන්න හරිම අමාරුයි. අපි කොච්චර කීවත්

Monday, July 22, 2013

ෆේස්බුක් ස්පෑම් 3- "Emma Watson Star of Harry Potter made a sex Tape"

     ආසන්න මාස දෙකක විතර ඉදන් ෆේස් බුක් ස්පෑම් සැහෙන ප්‍රමාණයක් ලංකාවේ පැතිරිලා ගියා. අද මම කියන්න යන්නෙත්  මේ දවස් වල ඉතා වේගයෙන් පැතිරිලා යන ෆේස් බුක් ස්පෑම් එකක් ගැන තමා . මේක ටිකක් විතර ඇග හිරිවැටිල යන ස්පෑම් එකක් කීවොත් නිවැරදියි. මොකද කියනවනන් මේ ස්පෑම් එක පෝස්ට් කරන photo එක ප්‍රසිද්ධියේ පළකරන්ඩ බැරි අසභ්‍ය එකක් .හිතා ගන්ඩ පුලුවන්ද එහෙම එකක් ඔයාලගෙ ෆේස්බුක් වෝල් එකේ පෝස්ට් වුනොත් වෙන දේ. 

        මේ ස්පෑම් එකේ Title එක වෙන්නේ "Emma Watson Star of Harry Potter made a sex Tape" .බැලූ බැල්මටම දැක්ක ගමන් මොකක්ද මේ කියල බලන්ඩ හිතෙන පෝස්ට් එකක් .ඒක හින්ද වෙන්ඩ ඇති ගොඩක් අය මේක බලන්ඩ ගිහින් අමාරුවේ වැටෙන්නෙ. මගෙ public wall එකෙත් කීපදෙනෙක්ම මේක පෝස්ට් කරල තිබ්බ.ඇත්තම කීවොත් පෝස්ට් කරල නෙමේ පෝස්ට් වෙලා. මේ ස්පෑම් එකත් වැඩ කරන්නේ කලින් මම සදහන් කරපු ස්පෑම් වැඩකරන විදියටම කීවොත් නිවැරදියි .Age verification එකක් කරන්න කියල රවට්ටන එක තමයි කරන්නේ .

     සම්පූර්ණ process එක පැහැදිලි කිරීමක් පස්සේ කරන්නන්. ඔයාල ෆේස්බුක් එකේ ඉන්නකොට මේ වගේ එකක් දැක්කොත් එක දිහා බලලා විතරක් සෑහීමකට පත්වෙනඩ කියල කියන්ඩ තමයි තියෙන්නෙ. වැඩි වැඩ කරන්න ගියොත් අමාරුවෙ තමා.
මේ තියෙන්නේ ඒ ස්පෑම් එක--









Thursday, July 4, 2013

ජනප්‍රිය UbiSoft Game වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයට

Ubisoft, a French global video game publisher and developer 



computer games වලට උනන්දු අයගේ ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් වන Ubisoft වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මේ වන විට ඔවුන් එම දෝෂය යථාතත්වයට පත්කරමින් යන අතර .ඔවුන් පවසන ආකාරයට ගිණුම් හිමියන්ගේ user names, email addresses හා encrypted passwords ගබඩා කර ඇති database එකට අනවසර ඇතුල්වීමක් වී තිබෙනවා.
කොසේ වෙතත් ඔවුන් පවසන පරිදි ගිණුම් හිමියන්ගේ debit card / credit card කොරතුරු කිසිවක් සොරාගැනීමට නොහැකි වී තිබෙන අතර මෙම හැකර් ප්‍රහාරය තහවුරු වූ වහාම Ubisoft සමාගම ගිණුම් හිමියන්ට Email පණිවිඩයක් මගින් ඔවුන්ගේ username හා password වෙනස් කරගන්නා ලෙස නිවේදනය කර තිබෙනවා.

Tuesday, July 2, 2013

දකුණු කොරියාවේ ජනාධිපති වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක්




පුද්ගලයන් 100,000 පමණ පෞද්ගලික තොරතුරු සොරාගනිමින් දකුණු කොරියාවේ ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.ජනපති කාර්යාලය පවසන පරිදි පසුගිය ඉරිදා මෙම දත්ත සොරාගැනීම තහවුරුකරගත් බව නිවේදනය කර ඇත. ඔවුන් පවසන ආකාරයට සොරාගත් දත්ත අතර උපන්දින,ජාතික හැදුනුම් පත් අංක,පුද්ගලික ලිපිනයන්,දුරකථන අංක වැනි පෞද්ගලික තොරතුරු රාශියක් සොරාගෙන ඇත.මෑත කාලයේ සිදුවූ දරුණුතම හා විශාලතම දත්ත සොරා ගැනීම් වලින් එකක් ලෙස මෙය සදහන් කිරීමට හැක.
මෙම තොරතුරු අස්තාන ගත වීම සම්බන්ධව ජනපති කාර්යලය සමාව ඉල්ලා සිටින අතර වෙබ් අඩවියෙහි ලියාපදිංචි පුද්ගලයන්ගෙන් හරි අඩක් පමණ ඉලක්ක වී ඇත.