අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Tuesday, June 18, 2013

අලුත් ෆේස්බුක් ස්පෑම් එකක් -"She went inclusively nuts and lost all control of the razor-sharp axe"

            ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ කුතුහලය අවුස්සා ඒ මගින් ඔවුන්ගේ ගිණුම් වලට අනවසරයෙන් ඇතුල්වන ෆේස්බුක් ස්පෑම්(spam) එකක් මේ දවස්වල ෆෙස්බුක් වල සංසරණය වෙනව.මේ ස්පෑම් එක වීඩියෝවක ආකාරය ගත් කාන්තාවකගේ රූපයක් ඇති පින්තූරයක් මගින් තමයි ප්‍රචාරණය වෙන්නෙ.

"she went inclusively nuts and lost all control of the razor-sharp axe Well, Watch what happened..in..this..video:_:: [Tiny_URL]" මේ පින්තූරයේ මේ විදිහට කියල තමයි පෝස්ට් වෙන්නෙ. මෙමගින් දකින අයගේ කුතුහලය අවුස්සල මේ ලින්ක් එකට යන්ඩ උනන්දු කරවනව.





කවුරුහරි කෙනෙකුට කුතුහලයක් ඇතිවුනොත් මේ ලස්සන ගෑණු ළමය පොරවක් අරන් මොකද කරන්නේ කියල බලන්න එයා මේ ලින්ක් එක ක්ලික් කරනව. ඊට පස්සෙ තමයි හොදම දේ වෙන්නෙ.ඇත්තටම කීවොත් මේක විශිෂ්ඨ නිර්මාණයක්.කවුරු හරි මේ පින්තූරෙ ක්ලික් කලාම පහත විදිහට තමයි වැඩ සිද්ධවෙන්නෙ.


ක්ලික් කරපු ගමන් එනව පොඩි නිවේදනයක් ඒකෙන් කියන්නේ මේ ලින්ක් එක ක්ලික් කලේ මනුස්සයෙක්ද නැත්තන් bot කෙනෙක්ද කියල බලන verification එකක් කියල ,සාමා‍න්‍යයෙන් මේ වගේ verification සයිට් වල තියනව උදාහරණයක් විදියට captcha කියන්නේ text verification එකක් .ඒත් මේක ඊට වඩා වෙනස් හරියට මේ වගේ.




මෙතන කියනව පෙන්නල තියන key ඔබන්න කියල. සාමාන්‍ය යෙන් IT දැනුම අඩු අය මේ short cut key ගැන එච්චර දන්නේ .ඒ හින්ද කියන දෙයක් ඔබනව.මෙතන 2 සහ 3 කියන දෙකෙන් වෙන ඒවා අපි ගොඩක් අය දන්නව 
CTRL +L=?
CTRL +C =copy 
CTRL +W=close window

පළවෙනි එකෙන් කරන්නේ URL එක select කරන එක. එතකොට මොකක්ද මෙතන වෙන්නෙ.
URL එක select කරනව copy කරනව වින්ඩෝ එක ක්ලෝස් කරනව. ඒත් තව එක දෙයක් වෙනව කාටත් හොරෙන් මොකක්ද ඒ.



පේනවද screen එකේ ඊතලයක් තියන තැන ,පහල පින්තූරෙ තියෙන්නෙ එකෙ ලගට පේන විදිය . කවුරුහරි ස්පෑම් එක ක්ලික් කරන කොට අලුත් වින්ඩෝ එකක් ඔපන් වෙනව හැබැයි ඒක ගොඩක් පොඩියි, ඒ වගේම හැමෝටම පේන්නෑ ඒක තියෙන්නේ හැංගිල. කාටද හිතන්ඩ පුලුවන් මේ වගේ එකකින් මේ සේරම වැඩ කරයි කියල නේද. 
ආපහු බැලුවොත් ස්පෑම් එක ක්ලික් කරපු ගමන් අලුත් වින්ඩෝ එකක් ඔපන් වෙනව ඒකෙ තියනව user ගේ authentication token එක ඊට පස්සේ එක copy කරනව , අලුත් වින්ඩෝ එක ක්ලෝස් කරනව. ඔහොමයි වෙන්නේ.


මේ වෙන සිද්ධි ටික නොදන්න users ල මේ විදිගට කලාම ඔහුගේ authentication token එක මේ ස්පෑම් එක හදපු අය අතට පත්වෙනව.ඊට පස්සේ මේ ස්පෑම් එක user ගේ wall එකේ පෝස්ට් කරන්ඩ මේ ස්පෑම් එක හදපු අයට පුලුවන් මොකද authentication token එක එයාල අතේ....




1 comment:

  1. අඩෝ මේකිගේ මාර ගල නේද?

    ReplyDelete