අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Thursday, March 26, 2015

ශ්‍රී ලංකාව අන්තර් ජාතික සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියකට

cyberattack




                  බුඩාපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට (Budapest Cybercrime Convention) එකතුවීමට ශ්‍රී ලංකාවට ඇරයුමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්‍ෂණයේ නව පියවරක් තබමින් මෙම සම්මුතිය සඳහා දකුණු ආසියා කලාපයෙන් මුල් වරට එක්වීමට සූදානම් වන රට බවට පත්වේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට, යුරෝපා කවුන්සිල මහලේකම්වරයා විසින් මෙම සම්මුතියට එක්වීම සඳහා වූ ආරාධනය ලිපියක් ඔස්සේ දැනුම් දී ඇත.
“බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය” යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය ලෙසින් ද හැදින්වේ. එසේම සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය යි.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත පිම්මක් ලෙසින් මෙම අවස්ථාව සැලකිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නීය. අන්තර් ජාතික රටවල් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දරණ ආකල්පය මේ තුළින් පෙනී යන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සම්මුතියට ශ්‍රී ලංකාව එක්වීමෙන් සයිබර් අපරාධ සම්බ‍න්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් විශාල පහසුවක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂක නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
කෙසේ නමුත් මෙම සම්මුතියට එක් වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් භාරදූර කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, විදේශ කටයුතු අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය එම කටයුතු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

Monday, January 27, 2014

පාකිස්ථානයෙන් ඉන්දියාවට හැකර් ප්‍රහාර

මේ දවස් වල පාකිස්ථානයෙන් ඉන්දියාවට ටිකක් කරදරයි වගේ .වෙන දෙයකින් නෙමෙයි සයිබර් ඇටෑක් වලින් .කොහොමහරි අද වෙනකොට ඉන්දියාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියත් හැක් කරල පාකිස්ථානයේ Haxors Crew කියන කන්ඩායම.


http://er.indianrailways.gov.in/cris/edrm_site/notice/index.html#sthash.65SnfwyM.dpuf
විශේෂම දේ තමයි මේ පලවෙනි පාර නොවීම මීට කලිනුත් 2012 මේ විදියටම හැක් කරල තියනවා.

http://er.indianrailways.gov.in/cris/edrm_site/notice/index.html#sthash.65SnfwyM.dpuf2
http://er.indianrailways.gov.in/cris/edrm_site/notice/index.html#sthash.65SnfwyM.dpufhttp://er.indianrailways.gov.in/cris/edrm_site/notice/index.html#sthash.65SnfwyM.dpuf
මීට අමතරව පසුගිය දවස් ටිකේම ගොඩාක් ඇටෑක් වලට ඉන්දියාවට මූණදෙන්ඩ වුනා.එකක් තමයි ප්‍රසිද්ධ නිලියක් වන පුනම් පාන්ඩේ ගේ නිල වෙඩ් අඩවිය. මේ පහර දීම කරල තියෙන්නේ මීට කලින් ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායක "Daler Mehndi" හා කැනේඩියානු ගායක "Raghav Mathur" ගේ නිල වෙබ් අඩවි හැක් කරපු අයම තමා.
කොහොමහරි පුනම් පාන්ඩේ ගේ වෙබ් අඩවිය හැක් කරල මෙන්න මෙහෙම දාල තියනව.
 "Nothing Delete or Harmed...Rise a Voice for Justice of Kashimr. Patch Your Site"


  "Nothing Delete or Harmed...Rise a Voice for Justice of Kashimr. Patch Your Site". - See more at: http://www.ehackingnews.com/2014/01/poonam-pandey-website-hacked-by.html#sthash.pNfk9S9T.dpuf
  "Nothing Delete or Harmed...Rise a Voice for Justice of Kashimr. Patch Your Site". - See more at: http://www.ehackingnews.com/2014/01/poonam-pandey-website-hacked-by.html#sthash.pNfk9S9T.dpuf

Thursday, September 12, 2013

ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල් හදුනා ගැනීමට කෙටි මගක්

හැමදාම හැමතැනම තියන ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල් හරිම කරදරයක්.මෙන්න මේ විදියට කලොත් ගොඩක් ෆේක් ප්‍රොෆයිල් හදුනාගන්ඩ පුලුවන් වෙයි.


 මේ තමයි ෆේක් ප්‍රොෆයිල් එක 



 ෆොටෝ එකේ URL එක කොපි කරගන්න
ඊලගට google image ගිහින් search by image icon එක ක්ලික් කරන්න
දැන් copy කරගත්ත link එක paste කරල search කරන්නයි තියෙන්නෙ






 මේ විදියට result පෙන්නයි .එතකොට අපිට හොයාගන්ඩ පුලුවන් මේ ප්‍රොෆයිල් එක ෆේක් එකක්ද කියල.