අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Tuesday, July 30, 2013

ෆේස්බුක් ස්පෑම් 4- අසභ්‍ය වීඩියෝ ක්ලිප්

                                  මම කලින් පෝස්ට් වලින් ෆේස්බුක් ස්පෑම් කිහිපයක් හා ඒ වායේ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරා මතක ඇති .මම අද කියන්න යන්නෙත් කලින් වගේම ස්පෑම් එකක් ගැනයි.නමුත් පසුගිය කාලයේ ඉතා වේගයෙන් පැතිරිලා ගිය මේ ස්පෑම් සියල්ලම ගැන බැලුවාම මේ සේරම භාවිතා කරන්නේ එකම තාක්ෂණය ෆේස්බුක් usersලව නොමග යවන්න .මම අද කියන්න යන ස්පෑම් එකත් කලින් ඒවා වගේම ඒ විදියටම ක්‍රියා කරන එකක් තමයි.නමුත් පොඩි වෙනසක් තියනව,කලින් ස්පෑම් වල තිබුන එක ස්ථිර මාතෘකාවක් users ලව රවට්ටන්න මේ වගේ ("emma Watson Star of Harry Potter made a sex Tape" ,"Adriana Lima FuckTape!","She went inclusively nuts and lost all control of the razor-sharp axe"). නමුත් මම දැන් කියන්න යන ස්පෑම් එකට එහෙම ස්ථිර නමක් නෑ මේකෙ නම dynamically වෙනස් වෙනව. ඒ කියන්නේ මේ  ස්පෑම් එක හදුන ගන්න බෑ හරියටම .






බැලූ බැල්මට මේ post වල සමාන කමක් පේන්නෙ නෑ ,ඒත් මේ සේරම එකම ස්පෑම් එකක්. මේ හේතුව හින්ද තාක්ෂණික දැනුම අඩු අයට මේ ස්පෑම් අදුන ගන්න හරිම අමාරුයි. අපි කොච්චර කීවත්
මේ පින්තූරෙ වගේ එකක් ෆේස්බුක් එකේ තිබ්බොත් ඒක ස්පෑම් එකක් කියල ඊලග විනාඩියේ ඒ ස්පෑම් එක වෙන පින්තූරයකින් පෙනී සිටින්න පුලුවන්.

ඇත්තටම කොහොමද මේ ස්පෑම් නවත් වන්නේ.ඒකට ක්‍රම දෙකක් තියනව .එකක් තමයි ස්පෑම් හදන එක නවත්වන එක ,අනික තමයි ඒක ප්‍රචාරණය වෙන එක නවත්වන එක .ඇත්තම කීවොත් හදන එක නවත්වන එක කොහොමත්ම කරන්ඩ අමාරු වැඩක් .කවුරු හදනවද කොහෙන් එනවද කියල කියන්ඩ දන්නේ අපි, ඒත් අපිට පුලුවන් මේව ප්‍රචාරණය වෙන එක නවත්වන්න. බොහොමයක් මේ ස්පෑම් ප්‍රචාරණය වෙන්නේ නොදන්නා කමෙන් .තමන් මේ ක්ලික් කරන්නේ ,තොරතුරු දෙන්නේ ස්පෑම් එකකට කියල දන්නේ නැති හින්ද ගොඩක් අය මේවට අහුවෙනව. උඩින් මම දාල තියන වගේ පින්තූරයක් පෙන්නල මේ ස්පෑම් එකක් මේකට යන්ඩ එපා කියල විතරක් කියන එක එච්චරම සාර්ථක නෑ කියල මට හිතෙනව . ඒ හින්ද මේ ස්පෑම් ගැන මූලික පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

  • සරලව  ස්පෑම් එකක් කියන්නෙ අනවශ්‍ය විදියට හෝ කරදරකාරී විදියට පුද්ගලයන් කිහිපදෙනෙකුට යවන message එකක් හෝ දැන්වීමක් වෙන්න පුලුවන්.
  • ස්පෑම් වර්ග කිහිපයක්ම තියනව ,ගොඩක්ම ප්‍රසිද්ධ එකක් තමයි mail spam, තව වර්ගයක් තමයි  අන්තර්ජාලය හරහා වෙළද දැන්වීම් ප්‍රචාරයට භාවිතා කරන ස්පෑම්.
  • මේ වගේ අන්තර්ජාලය හරහා පැතිරෙන ස්පෑම් වර්ගයක් තමයි මේ දවස් වල ෆේස්බුක් එකේ පැතිරිලා යන්නේ.
  • බොහෝ වෙලාවට මේ වගේ ස්පෑම් එකකින් ෆෙස්බුක් ගිණුමේ ආරක්ෂාවට ලොකු බලපෑමක් වෙන්නෑ. ස්පෑම් එක කරන එකම දේ එයාට ඕනකරන දේ අදාල ගිණුමෙන් පෝස්ට් කරන එක තමයි.ඒත් පෝස්ට් වෙන දේ අසභ්‍ය දෙයක් හෝ ඊටක් වඩා දරුණු දෙයක් වෙන්න පුලුවන්.කවුරු පෝස්ට් කලත් අන්තිමේට ඒකෙ වගකීම ගන්න වෙන්නේ ගිණුවේ අයිතිකාරයටනෙ. ඒ හින්ද තමයි මේවගෙන් පරිස්සම් වෙන්ඩ ඕන.(කොහොමද හෙලුවෙන් ඉන්න කෙල්ලෙක්ගේ පින්තූරයක් ඔයාගේ wall එකේ පෝස්ට් වෙලා තිබ්බොත් ඔයාගෙ නමින් , පාරෙ බැහැල යන්න පුලුවන්ද? )
  • බොහෝ වෙලාවට මේ ස්පෑම් තියෙන්නෙ වීඩි‍යෝ එකක් හරි ෆොටෝ එකක් හරි ආකාරයට . අසභ්‍ය පින්තූරයක කොටසක් පෙන්නල ඒත් එකක්ම ලින්ක් එකක් දීල තියනව ගොඩක් වෙලාවට.
  • කවුරු හරි මේක දැක්ක ගමන් ලින්ක් එක ක්ලික් කරනව සම්පූර්ණ විස්තරේ බලාගන්ඩ.
  • ඊට පස්සේ ඒ ලින්ක් එකෙන් වෙන වෙබ් සයිට් එකකට යනව.එතනින් කියනව Age verification කරන්ඩ ඕන කියල.
     
  • ගොඩක් වෙලාවට මේ පින්තූරෙ විදිහට තමා ඒක කරන්න තියන්නේ  .සමහර ස්පෑම් මීට වඩා ටිකක් වෙනස් වෙන්ඩ පුලුවන් .
  • මෙතන අංක 1 ක්ලික් කරාම ඉහත පේන ආකාරයෙ වින්ඩෝ එකක් එනව .පස්සේ ඒ වින්ඩෝ එකේ URL එක කොපි කරල පහලින් තියන box එකට paste කරන්ඩ කියල කියනව .
  • මේ steps ටික කලාම අදාල වීඩියෝ එක පෙන්නන්න වගේ ගිහින් ගොඩක් වෙලා ලෝඩ් වෙලා Time out වෙන එක හරි verification එක success වුනේ නැහැ කියල හරි කියනව.මේක තමයි මේ ස්පෑම් එකේ ක්‍රියාවලිය.
  • දැන් දන්නවද මොකක්ද මේ අපි කලේ කියල?
  • ඉහත 1 ක්ලික් කලාම එන වින්ඩෝ එකේ තියෙන්නෙ ඒ වෙලාවේ අපි ලොග් වෙලා ඉන්න ෆේස්බුක් ගිණුමේ access token එක .access token එක කියන්නෙ ෆේස්බුක් එකේ login authentication එකට භාවිතා කරන කෝඩ් එකක්, ඒක භාවිතා කරල පුලුවන් ඒ token එකට අදාල ගිණුමට පෝස්ට් දමන්න.මීට අමතරව තවත් දේවල් පුලුවන්. 
  • අපි මේ කරල තියෙන්නේ මේ access token එක වෙන කෙනෙකුට දුන්න එක .
  • මේ වින්ඩෝ එක අපිට පේන්නෙ ඉතා කුඩාවට ,එහෙම කරල තියෙන්නේ මෙතන access token එක තියන බව දැනගන්නවට.
  • ඒක විශාල කලොත් මෙහෙමයි පේන්නේ.


  • access token එක ගත්තට පස්සේ ඒ සයිට් එකෙන් ස්පෑම් එක ෆේස්බුක් එකට පෝස්ට් කරනව .මේ ස්පෑම් එක පෝස්ට් වෙන්නේ access token එකට අදාල ෆේස්බුක් ගිණුමේ wall එකේ.
  • කොහොමද මේකට අහුවෙන්නැතුව ඉන්නේ?
  1. ෆේස්බුක් එකේ තියන ලින්ක් වලට යනකොට දෙපාරක් හිතන්න.අසභ්‍ය පින්තූරයක් දාපු ලින්ක් එකක් නම් බොහොම පරිස්සමෙන්.
  2. ලින්ක් එකට ගියහම මොනයම් හෝ දෙයක් verify කරන්ඩ අහනව නම් Text input(ටයිප් කර ඇතුලු කරන දේවල් ) පමණක් සපයන්න.
  3. කිසි විටකත් username හෝ password ඇතුලු නොකරන්න.
  4. copy / paste කිරීම.  key board shortcuts එබීම කිසිවිටකත් නොකරන්න.
  5. ප්‍රධාන browser වින්ඩෝවට අමතරව සැගවුනු වෙනත් browser වින්ඩෝ open වී ඇත්දැයි නිතර විමසිලිමත් වන්න.
  6. වෙන දේ ගැන ඔබට සැකයි වගේ නම් ඉක්මනින්ම එයින් ඉවත් වෙන්න.
  7. කෝකටත් සැකයි වගේනම් profile එකට ගිහින් බලන්න මොනව හරි පෝස්ට් වෙලාද කියල.එහෙමත් නැත්නම් log out වෙලා නැවත log වෙන්න.( access token එක dynamically වෙනස් වෙනව log වෙනකොට ,දෙපාරක් log වුනොත් තියෙන්නේ  access token දෙකක්, ඒ හින්ද හැකි ඉක්මනින් log out වෙලා log වෙන එක හොදයි)
අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ ලින්ක් එකක් හම්බවුනොත් ඒකෙ screen shot එකකුයි ලින්ක් එකයි  සයිබර් සිකියුරිටි නිව්ස් - Cyber Security News  page එකේ Share කරන්න හැමෝටම දැනගන්න ඒක ස්පෑම් එකක් කියල.(සමාජ සත්කාරයක්)

කාටහරි මේක test කරල බලන්න ඕනනන් මේ තියෙන්නේ ලින්ක් එක (පරිස්සමෙන්) http://j.mp/1c940Wr






1 comment: