අසභ්‍ය facebook spam වලින් පරිස්සම් වෙමු !

Monday, June 10, 2013

මොකක්ද මේ cyber war (සයිබර් යුද්ධය) ?

  ඇත්තටම මොකක්ද මේ සයිබර් යුද්ධය කියන්නෙ, අපි ඕනතරං අහල තියනවනෙ යුද්ධ ගැන .පළවෙනි ලෝක යුද්ධය ,දෙවෙනි ලෝක යුද්ධය, ඊශ්‍රායල් යුද්ධය, ගල්ෆ් යුද්ධය ඇයි ලංකාවේ තිබ්බ යුද්ධය ඔයවගේ ඒවා.


ඒත් මොකක්ද මේ සයිබර් යුද්ධය ?

         සයිබර් යුද්ධය කියන්නේ ඉහත සදහන් යුද්ධ හැම එකකටම වඩා දරුණුම යුද්ධයකට.සරළව ගත්තාම අන්තර්ජාලය මුල් කරගෙන දේශපාලන වාසිතකා තවත් රටක තොරතුරු(informations) හා තොරතුරු පද්ධතිවලට(information systens) අනවසරයෙන් ඇතුල්වී ඒවා සොරකම් කිරීම හෝ රහස් තොරතුරු ප්‍රසිද්ධ කිරීම විදිහට කියන්න පුලුවන්.ඒත් මේක මීට වඩා ගොඩක් සංකීර්ණයි.මෙම ක්‍රියාවලදී

  • රජයේ නිල වෙබ් අඩවි අඩාල කිරීම,වෙනස් කිරීම,ඒවායේ රහස් තොරතුරු සොරකම් කිරීම.
  • රජයේ privet network (පෞද්ගලික ජාල) අඩාල කිරීම හෝ ඒවාට අනවසරයෙන් ඇතුල් වීම.
  • රටෙහි අන්තර්ජාල මූලිකකරගත් අත්‍යවශ්‍ය සේවා අඩාල කිරීම හා ඒවායේ දත්ත විකෘති කිරීම.
  • කොටස් වෙළදපොල වැනි රටෙහි පැවැත්ම තීරණය කරන ස්ථානවල තොරතුරු පද්ධතිවලට ඇතුල්වී ඒවායේ දත්ත සොරාගැනීම හා විනාශ කිරීම.
  • හමුදාවේ අධි ආරක්ෂාව යටතේ හසුරවන ස්වයංක්‍රීය මිසයිල පද්ධති හා රේඩාර් පද්ධති හා ගුවන් ආරක්ෂණ පද්ධති වලට අනවසරයෙන් ඇතුල් වීම හා ඒවා මෙහෙයවීම.
යන කරුනු වලට  අමතරව තව බොහෝ දේවල් වෙන්න පුලුවන්.මෙම යුද්ධය සාමාන්‍ය යුද්ධයකට වඩා වෙනස් වෙන්නේ සහ භයානක වෙන්නේ මේ නිසයි. සයිබර් යුද්ධයකින් පුලුවන් රටක් විනාඩියකින් වුනත් සම්පූර්ණයෙන් විනාශ කරල දාන්න.මෙහි ප්‍රබලතාව තීරණය ‍වෙන්නේ තාක්ෂණයේ දියුණුව මතයි.

ලෝකයේ සිදුවුන සයිබර් යුද්ධ කිහිපයකට උදාහරණ කීපයක් බලමු-

  • 1998 දී ඇමරිකාව විසින් සර්බියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිය අඩපණ(hack) කොට සර්බියානු ඉලක්ක වලට බෝම්බ හෙලනු ලැබුවා.
  • 2007 දී රුසියාව විසින් Estonia(ඊස්ටනියා) වේ රජයේ හා ව්‍යාපාරික වෙබ් අඩවි දහස් ගනණක් පරිගණක මිලියනයකට වැඩි ධාරිතාවක් ඇති බොට්නෙට්(botnet) ප්‍රහාරයකට ලක් විය.
  • 2007 දී හදුනා නොගත් පාර්ශවයක් විසින් ඇමරිකාවේ අධිතාක්ෂණික හාමුදා ඒකකය(high tech and military agencies) හැක් කොට ටෙරාබයිට්(TB) ගනණක් වූ රහස් දත්ත සොරගෙන තිබෙනවා.
  • 2009 දී cyber spy network එකක් වන GhostNet විසින් ලොවපුරා රටවල් 100 පමණ රජයේ හා පෞද්ගලික ආයතන වල රහස්‍ය තොරතුරු වලට ඇතුලු වී තිබෙනවා. මෙය වීනයේ ප්‍රහාරයක් ලෙස සැලකුනත් චීනය එය ප්‍රත්ක්ෂේප කරනවා.
කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරවලට මුහුණදීමට ඇති එකම ක්‍රමය අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් ආරක්ෂාව හැකිතාක් තර කිරීම තමයි.මෑතකදී මේ වගේ ප්‍රහාරයකට ලංකාවත් මුහුණදුන්නා ලංකාවේ වෙබ් අඩවි විසිගානක් හැක්වුනත් ලංකාවේ අපිට මුකුත්ම කරගන්ඩ බැරිවුනා බලාගෙන ඉන්න එක හැරෙන්ඩ.අඩුම තරමෙන් ඒවා අයෙත් නැවත යථාතත්වෙට ගන්ඩත් සෑහෙන කල් ගියා,සමහර ඒව තාමත් එහෙමමයි.

මේවගේ ප්‍රහාරවලට මුහුණ දෙන්න අමාරු අපිට සයිබර් හමුදාවක්(cyber army)  නැති හින්ද .සයිබර් හමුදාවක(cyber army) අවශ්‍යතාව දැනෙන මේ වගේ කාලයක මේවට උනන්දු හා හැකියාව තියෙන අය එකතුවෙලා රාජ්‍ය මට්ටමෙන් මෙය(cyber army) පිහිටුවන්න හැමෝම උන්නදුවෙනන ඕන.

2 comments:

  1. cyber army ekak heduwoth me inna widiyata wath inna lebenne ne..

    ReplyDelete